Abstract Of Geology Of Sri Lanka

Samanala wewa reservoir from Horton plains _ @aravindaravibhanu

සුවිශේෂී භූ විද්‍යාත්මක පසුබිමක් සහිත ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පුරාණ නිර්මාණ පරිසරය ආකීය යුගය (Archean: 4000 Mya–2500 Mya) දක්වා විහිදී යයි. නියෝප්‍රොටෙරොසොයික(Neoproterozoic –1000 Mya–541 Mya) වකවානුව තුළ ශ‍්‍රී ලංකාවේ භූ පිහිටීම ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ ද්‍රවමය අවස්ථාවේ වූ ආග්නේය පාෂාණ වල ක‍්‍රියා හා ප‍්‍රතික‍්‍රියා (Igneous processes) හේතුවෙන් භූ කොටස් ඉලාස්ටික් භු තැටි (Spares tectonic) තත්ත්වයට පත්වීම සිදුවිය. එම නිසා ශ‍්‍රි ලංකාව ආශ‍්‍රිත භූ පරිණාම ක‍්‍රියාවලිය දුර්වල වුවද නියෝප්‍රොටෙරොසොයික පර්වතකාරක තීරුවල (Orogenic belt) ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ක‍්‍රමානුකූලව ස්ථාවර තත්ත්වයකට පත්විය. නැගෙනහිර ගොන්ඞ්වානා හි (East Gondwana – 550 Mya සිට 180 Mya) ආංශික කොටසක්ව පැවති ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත භූ කොටස් (ස්කන්ධ) තව දුරටත් ප‍්‍රචාරණය (Tectonic dispersal) වීම අන්තර් මහද්වීපික ද්‍රෝණි විවෘත වීමත් සමග ආරම්භ විය. ශ‍්‍රී ලංකාවේ දකුණුදිග මුහුදු තීරයේ බොහෝ භූ විෂමතා ඉහත ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය. ඉන්දියන් සාගරයේ මූලික ආරම්භයත් සමග තවදුරටත් උතුරු දෙසට චලනය වූ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව තනි කොටසක් (ඒකකයක්) ලෙස කැඞී ගිය අතර, වසර මිලියන 50 කට පෙර ඉන්දියාව හා යුරේෂියාව ගැටී ඇතිවූ විස්ථාරණය වීම් මන්දගාමී තත්ත්වයට පත්විය. එම නිසා ශ‍්‍රී ලංකාව වර්තමානයේ දක්නට ලැබෙන මහද්වීපික දුපත් පිහිටීමකට පත්වීමත් ආශ‍්‍රිත මුහුදු පත්ල පිරිහීයාමත්, මුහුදු භූ දර්ප උච්චාවචනයත් (Uplift) යන ක්‍රියාවන්ට ලක් විය.

ශ‍්‍රී ලංකාවේ භූ ගර්භ ආශ‍්‍රිත වූ මූල පතුල් පාෂාණමය දත්ත (Basement rock data) හා පාෂාණ ස්ඵඨීකරණ දත්ත (Crystallization data), සමස්ථානික විශ්ලේෂණය (Isotopic analysis [A]), භූ කාල විශ්ලේෂණය (Geochronological analysis [B]), භූ රසායන විශ්ලේෂණය(Geochemical analysis [C])” ඛණිජ විද්‍යාත්මක විශ්ලේෂණය (Petrological analysis [D]) හා තාපගතික විශ්ලේෂණය (Thermochronology analysis [E]) වැනි ක‍්‍රමවේද හරහා අධ්‍යයනයන්ට ලක්කිරීම තුළින් ශ‍්‍රී ලංකාව භූ විද්‍යාත්ම සංකීරණ කිහිපයකට බෙදා වෙන්කර ඇත. එම කොටස් නම්: උස්බිම් සංකීරණය(HC-3000 Mya – 2200 Mya)” වන්නි සංකීර්ණය (WC-2000Mya – 1000Mya)” විජයන් සංකීර්ණය (VC-2000 Mya – 1000 Mya)” කඩුගන්නාව සංකීර්ණය (VC-2000 Mya – 1000 Mya)” හා මයෝසීන හා චාතූර්ථික තැම්පතු වේ.

ශ‍්‍රී ලංකාවේ පතුල් පාෂාණ වලට ඉහළින් වූ අවසාදිත පාෂාණ දත්ත සහ සාගර කබොල උච්චාවචන දත්ත භූ විද්‍යාත්මකව ගවේෂණය කිරීමේ දී ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිතව ජුරාසික(Jurassic-201Mya-145 Mya), මයෝසීන(Miocene-23.05 Mya-5.3 Mya) ප්ලයිටොසීන(Pleistocene-2.58 Mya – 0.0117 Mya) භූ වකවානු වලට අයත් ජෛවීය සාධක රැසක් පොසිල වශයෙන් හමුවෙයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව ක‍්‍රියාකාරකම් සහිත ප්ලයිටොසීන යුගයේ චාතුර්ථික කාල වකවානුව, රත්නපුර තැම්පතු (Ratnapura Formation)=, ඉරණමඩු තැම්පතු (Iranamadu Deposits)= හා තෙත් කලාපීය ගුහා/ විවෘත මානව වාසස්ථාන (Wetland caves/Open habitats) හරහා නිරූපණය වන අතර, A,B,C,D,E හදුන්වා දුන් ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යයනය තුළින් භූ විද්‍යාත්මකව ලඝු කොටගත් පුරාතණ පාරිසරික දත්ත (Multi-proxy climate data in palaeo) රැසක් අනාවරණය කරගත හැකිය (පුරාතන දේශගුණික තත්ත්වල නෂ්ඨ වීම්, සුනාමි තත්ත්ව). එසේම ප‍්‍රසස්ථ ජීවයක් (Harbor Life/Eco Astronomy ) සදහා වූ ඛගෝලීය (Celestial Sphere) බලපෑම් පෘථිවි පූර්වායනය (Earth Precision) හරහා තවදුරටත් අධ්‍යයනය කළ හැකිය. මෙම ක‍්‍රියාවලීන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් පුරාතන පරිසරය නැවත ප‍්‍රතිනිර්මාණය කළ හැකි අතර, එය තිරසාර සංවර්ධනයට උචිත පරිදි භාවිතා වන ආකාරය Reconstruction via Digitization Applications තාක්ෂණය ඔස්සේ හොදින් පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව හමුවන ඛණිජ සම්පත් තිරසර භාවිතය තුලින් ඉහළ ආර්ථික ප්‍රතිලාභද ලබාගත හැකිය.


වැඩිදුර කියවීමට https://www.researchgate.net/publication/340226752_Geology_of_Sri_Lankahttps://www.researchgate.net/publication/336878954_The_Key_Factors_in_Geologically_References_to_Revealed_Paleo_Environment_of_Sri_Lanka

https://www.researchgate.net/publication/256202357_Thermochronological_dating_of_brittle_structures_in_basement_rocks_-_A_case_study_from_the_onshore_passive_margin_of_SW_Sri_Lanka

https://www.researchgate.net/publication/327430179_Reconstruction_of_the_Upper_Gondwana_palaeoclimates_based_on_palynostratigraphy_palynofacies_and_sedimentology_of_the_Jurassic_sequences_in_the_Tabbowa_Basin_Sri_Lanka

https://www.researchgate.net/publication/340901950_Paleontology_Reconstruction_via_Digitization_Applications


සැ.යු. ⛏මෙම පොස්ටුවේ සිංහලෙන් යොදාඇති තාක්ශණික වචනවල යම් අපහැදිලි තැන් තිබේ නම් දන්නවනු මැනවි. ⛏මෙහි අන්තර් ගත වී ඇති සමහර ජායාරූප හා ගොඩනැගීම් වල අයිතිය, මුල් කතුවරුන් හා ආයතන සතු බව සලකන්න. ⛏2019 වසරේ බණ්ඩාරනායක අණුස්මරන සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති, පුරා ජෛව විවිධත්ව සමුලුවකට අදාලව මා විසින් සිදුකරන ලද The Key Factors in Geologically References to Revealed, Paleo Environment of Sri Lanka කතිකාවට අදාල සටහනකි.

Modeling Ice Stupa via Architectural Of Pagoda

1

Modeling Ice Stupa via Architectural Of Pagoda

දාගැබ් නිර්මාණකරනයේ වූ ශිල්පය කෘතීම අයිස් ස්ථූප වලට ආදේශ කර ජල_ සංරක්ශණයට භාවිතා කල හැකි බව ඔබ දැනසිටියාද? 👇

ශ්රී ලංකාවේ දාගැබ් වල ජ්යාමිතිය හා හැඩය පිලිබදව ඔබට අදහසක් ඇතැයි සිතමි. මේ සටහට තබන්නේ, මෙම හැඩය භාවිතාකොට ගිම්හාන කාලයේදී ජලය සංරක්ෂනය කිරීම සම්භන්දව සරළ ක්රම වේදයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි. ජලය වන්දනීය වස්තුවක් ලෙස සැලකීම මුල් ජනාවාසකරණ කාල වල සිටම,ලොව පුරා දැකිය හැකි ලක්ෂණයකි. එහි අත්යාවශතාවය හා වැදගත්කම මේ වන විට ඔබද අවබෝධයක් ඇතැයි සිතමි.

මෙම කතාව දිව යන්නේ උතුරු ඉංදියවේ මනාලි කදු පන්ති හා ලධක් (Ladakh) වෙතටයි. හිමාචල් ප්රාන්තයේ කාෂ්මීරයට මෙපිටින් පිහිටි ප්රමුක පෙලේ සංචාරක ස්ථාන ලෙසද මේවා හැදින්විය හැකිය. හිම්හාන සම්යේදී ලධක් ආශ්රිතව මෙම ජල අත්යාවශතාවය දැඩි ලෙස ඇතිවේ. යම්දයත් ගිම්හානයෙදී බොහෝ ජලපහරවල්ද සිදී යයි. හෙතෙම අදාල භූමිය සිසිල් කාන්තාර දේශගුණික( Cold Desert Climate) ලක්ශණ නිරූපනයද කරයි. මෙම භූමිය මීටර3000 ඉහලින් පිහිටා ඇති අතර පසේ වු අස්ථායිභාවය ( Ref : Dynamics of Himachal Pradesh : Upgrading Prometheus of Paleo Himachal 2020) හේතුකොට ගෙන ලගා එන දිය පහරල්වල් හමුවේ ජලාශ ඉදිකර, ජලය ගබඩා කිරීමට නොහැකිය. ශ්රී ලංකාවේද උස් බිම් සංකීරනය (Highland Complex) තුල ජලාශ ඉදිකිරීමේදී වඩා පර්රෂාකාරි විය යුත්තේ මේ බැවිනි.

ලධක් වල වූ මෙම ජල ගැටලුවට තිරසාර විසදුමක් ලබාදීමට සොනම් වාවික් නම් ඉංජිනේරුවා 2012 ,වසර්දී සමත් විය. උස් බිම් වලින් ගලා එන දිය පහරවල් පීඩනය ලක්කොට විසුරුවා හැරීම හරහා කෘතීම අයිස් ගොඩනැගීමක් සිදුකලා. තවත් සරලව කියතොත් ඔබ දැක ඇති සුපිරි වෙලද සැල්වල ,පලාවර්ග වල නැවුම් බව තබාගැනීම පිණිස ජලය විදීමකට ලක් කරනවා. මෙයට සමාන ක්රියාවලියක් තමා මෙම කෘතීම ගැසියර නිර්මානයේදී සිදුවන්නේ. මෙම අදාල ප්රදේශ වල පාරිසරික උෂ්ණත්වට රාත්රී කාලයේදී බින්දුවට වඩා අඩු වන බැවින් දැඩි පීඩනයක් යටතේ විදින ජල අංශු ගණීභවනයට ලක් වී අයිස් නිර්මානය වීම සිදුවෙනවා. පසුව ගිම්හාන කාලය්දී පරිසර උෂ්ණත්වට සෙන්ටිග්රේඩ් 20 පමන ලගාවීමත් සමග කෘතීමව නිරිමාණය කල ග්ලැසියරය ස්වාභාවිකවම දියවී, වගා භුමි වලට ජලය ගලාගෙන යනවා.

අනතුරුව මෙය, ප්රමඛ පේලේ ජල සංරක්ශන හා තාවකාලික ගබඩා කිරීමේ ක්රමවේදයක් ලෙස ක්රියාත්මක කිරීමට ආරම්භ කරනවා. දාගැබ් ජ්යාමිතිය වැදගත් වන්නේ මෙහිදීය, යම්ද මුල් අවස්ථා වලදී , අක්රමවත් හැඩයක් සහිත වූ මෙම කෘතීම ගැසියරය ක්රමානුකූල දියවීමක් පෙන්නුම් කලේ නැත. සූර්යයාලෝකය හමුවේ මෙම දියවීම ඉතා සංවේදී වුයේ කෘතීම ගැසියරයේ ඉහල කොටසේ වු වර්ගඵලය වැඩිවීම හේතුවෙනි. තවද මෙම නිරිමාණය සම්භන්දයෙන් ලොව පුරා බොහෝ පර්යේශකයින්ද උනන්දුවිය.

මීට වසර 5කට පමන ඉහතදී මාගේ ආචාර්යය උපාධියට මූලික තොරතුරු ගවේශනය කරන සමයේ කෘතීම අයිස් ස්තරායනයක් ස්ථායි කල හැකි ක්රමවේදයක් සම්භන්දව තොරාතුරු ඉදිරිපත් කරන ලෙසට විද්යුත් පණිවිඩයක් ලැබිණ. අනතුරුව එවකට මා පර්යෙශන කටයුතු හා බැදී සිටි මදුරාසි විශ්ව විද්යාලයේ අපගේ පර්යේශන කණ්ඩායමක් මෙම ප්රදේශය ලගා විය. මෙම පරිසර තත්ව යටතේ වැඩ කිරීම එතරම් පහසු නොවීය. වරක් හෝ මේම ප්රදේශයට ගම්න් කල අයෙක් වී නම්, එය හොද ආකාරව දනී. කෙසේ වෙතත් සුර්රයයාලෝකයේ පාතනයත්, කෘතීම ස්තරානලවල වූ දැඩි අවසාදිදතාවයක්, අභයන්තරය සැකිලක් රහිත වීමත් මෙම ගැසියර් කඩා වැවීමට හේතුවන් වන බව පැහැද්ලි විය.

පසුව ක්රමාණුකූලව මෙම කෘතීම ගැලැසියර සැකිලි සහිතව දාගැබක හැඩයට නිරිමාණයකිරීමට හැකිවිය. අහසේ සිට බලන කල නිර්මානයේ ඉහල කොටසේ සිට පහලට ගමන්කිරීම්දී සාපේක්ශ වර්ගඵලය වැඩිවන ලෙසත්, අභ්යන්තරය අර්ධ සැකිලි සහිතවත් නිර්මානය විය. එ හරහා ස්ථායීභාවය බොහෝ දුරට ආරක්ශා විය. මෙය බොහෝ සෙයින් ඈතට දිස්වනෙහ් දාගැබක් ලෙසටය. දාගැබක හැඩය ආදේශ කල බැවින්, එයට ගරු කිරීමක් ලෙස අර්ධ සැකිලි අභ්යන්තරය තුල ආගමික පසුබිමක්ද ඇතිකීරීම හරහා (වන්දනාමාන කිරීමට) , බොහෝ උස්බිම් වාසින් නිරන්තරයෙන් මේ සමග කටයුතු කිරීමටත් එය ආරක්ෂා කිරීමටත් ස්වභාවවෙන්ම උස්සුක වූවා. අද වන විට මෙම උස්බිම් වාසීන්ගේ එදිනෙදා ජල අවශ්යතවය රුකුලක් වීමට මෙම කෘතීම අයිස් ස්ථූප හේතු වී තිබෙනවා.
වර්තමානය වන විට ලොව පුරා මෙම කෘතීම අයිස් ස්ථූප නිර්මාණයට බොහෙවින් උත්සුක වන බව පෙනේ. හිමාචල් ප්රාන්තය තුලද පර්යෙශන පර්යේෂණ කණඩායම් කිහිපයක්ම පර්යෙශණ සිදුකරයි. තවද මෙම ක්රවේදයන් වඩා තිරසාර ලෙස යාවත්කාලීන කිරීමටද අප කණ්ඩායමද වැඩ කටයුතු සිදුකරමින් පවතී. විශේෂයෙන්ම Micro Hydraulic Spring ස්වාභාවික ජල පහරවල් තුලම ක්රියාත්මක කිරීමට. මෙහි සමහර කලාප තුල බොහෝ පොසිල සාධකද මෙන්ම ගුහා සංචරනය ප්රවර්ධනයට බොහෝ සාධක තිබීමත් විශේෂ කොට සැලකිය හැකිය. එහයින් මෙම භූමිය භූවිද්යාත්ම, ෆොසිල විද්යාත්ම මෙන්ම පුරාවිද්යාත්ම වැදගත්කමක් සහිතයි.

මෙයට අදාල වූ ජායාරූප කිහිපයක් හා දැනට අවසන් වු වාර්තා පහත ඇත. ඔබට අවැසි නම් භාගත කොට කියවිය හැකිය.( සිංහල වර්තාවද ලගදීම ලබා ගත හැකිය)

Download link :
1.https://www.researchgate.net/…/340738414_MODELING_ICE_STUPA…
2.https://www.researchgate.net/…/340087847_Dynamics_of_Himach…

සැ.යු.
මෙම පොස්ටුවේ සිංහලෙන් යොදාඇති තාක්ශණික වචනවල යම් අපහැදිලි තැන් තිබේ නම් දන්නවනු මැනවි.

සාරාංශගත සටහනක් වන අතර සියලු තාක්ෂණික යෙදුම් පැහැදිලි කර නොමැත.

HARBOR LIFE ON CIVILIZED STARS AND PALEO WORLD

Harbor Life By Dr.Aravinda Ravibhanu
HARBOR LIFE ON CIVILIZED STARS AND PALEO WORLD -Dr.Aravinda Ravibhanu

HARBOR LIFE ON CIVILIZED STARS AND PALEO WORLD

This is the cover image of my postgraduate thesis in PGIAR , Sri Lanka. it is a “COMPARATIVE ANALYSIS OF PALEOBIODIVERSITY AND ASTROBIOLOGY FOR PANSPERMIA”. Approximately five billion years ago the sun began to form out of diffuse gas and dust. There was nothing at frist sigth to distinguish it from myriads of other stars. Like all the others, the new sun began to burn and emit light as it contracted. During the final stages of condensation , it happened to produce a large surrounding nebula of diffuse gas and dust. The particles and molecules of the nebula collided with earch other and coalesced in to successively larger bodies. Eventually these bodies formed into large planets circling around the central star. Some of the newly formed worlds were large gaseous bodies made up primarily of hydrogen. These planets differed very little in structure from sun itself. Other planets were small, rocky, airless worlds with surfaces that were scarred by the impact of gaint meteorites. Stil others were enveloped in dense, choking atmospheres of poisonous gases. Many were frozen wastelands completely covered with soild ice, All were indescribably hostile to living creatures One of these new worlds was different: It had warm , pleasant climate with continents, oceans, running water, and blue skies.It was the thired planet from the sun , a place that came to be known as Earth. The oceans and the surface of earth soon become teeming with life. Some of the creatures that evolved here had supple hands, endowing them manual dexterity. They develop large brain endowed with a passionate curiosity about their surrounding and a desire to understand their place in the cosmos. Their large brain and supple hand enabled them to escape from a total dependence on the capricious whims of nature ; they could change their world to improve their lives ans enhance their chance of survival . Human beings developed technology. They built citites, created religions, developed writing , produced science and mathematics. Human life and culture spread to every available niche on earth . Human beings came to dominate the entire surface of the world within only a few thousand years of their appearance Now that human are the undisputed masters of their planet, they are looking upward to the skies in search of new worlds to conquer. Any way , study of the origin, evolution, distribution & future of life in universe , earth is the only place know to harbor life. It is depend on minimal condition for life such as temperature, water, radiation shielding, the stuff of life , sunlight, oxygen, when planet belongs to star forming like ours. To revealed evidences for the planetary habitability & harbor life of planet earth, paleontological factors are the one of most prominent way. According my thesis I called it PALAEO WORLD which was ideal base on fossilized materials. It provide a unique view into the history of life by showing the forms and features of life in the past & tell us how species have changed across long periods of the Earth’s history. Though the fossil record does not include every planet and animal that ever lived, also compatibility substantial evidence for the common descent of life via evolution & tend to explain about other habitable planets. Comparative model of Harbor life of planet earth, will be a relative one at the moment. The drama of life and intelligence on earth is a saga that has lasted for the past three and half billion years and we hope , shall continue in to the indefinite future,has this story been repeated countless numbers of times in many different variation on other worlds, or is the earth somehow unique? . Perhaps there are many worlds in the universe which evolved advanced societies that rose to brilliant levels of acheievement only to destroy themselves in a few short years throught their misuse of technology. If such is the fate of all technological societies, humanity stands very little chance of survival. On the other hand, perhaps there are some technological civilization that have managed to survive their own crises of technological adolescence and have gone on to built advanced and stable societies lasting millions or even billions of years. There likely is much that they could teach us about the art of survival. If someone else in the stars has managed to endure, perhaps we also have chance.

Dr.Aravinda Ravibhanu Sumanarathna

 Dr.Aravinda Ravibhanu is CEO of Eco Astronomy Inc  network and senior research scientist at  high-altitude- extreme conditions – water conservation project of ICE STUPA. Currently he is directly involved in analyzing NASA’s EDR images of Meridiani Planum on Mars.  Also, he is Co supporter of Project Space Hero, an upcoming reality television contest that plans to send a winner to the International Space Station in 2023. He has authored more than 40 International research papers including 8 Books.

        As an Astrobiologist Dr Aravinda is researching _ fundamentals of extraterrestrial life and how planetary samples correspond with factors of paleontology and petrology. He has been setting out a harbor life explained by a union of the general theory of Eco Astronomy mechanics & concepts as a part of his PhD.  

Project studying the Glacier topography.- high-altitude- extreme conditions – water conservation of ICE STUPA.
The unique blending of lost civilization and high altitude mountains are simulating, every steps that you- trial in here. Dr Aravinda- looking forward to new chapter via this extreme conditions for analysis in geology of mars evidence from earth-based analogs.
Extreme conditions for analysis in geology of mars evidence from earth-based analogs.
Initial discussion of multidisciplinary approach in Space science and astronomy | Tv Derana
Danigala Circular Rock [ Lat: 7°40’50.24″N | Lon : 81°12’48.32″E ] is a unique geological rock situated in near Kandegama in the Polonnaruwa district. The aerial view of the rock show a unique semi-circular shape, affected by geological activities and weathering conditions. The location of Danigala represents an area rich with numerous geological and geomorphological formations, which are excellent representatives of this area’s geodiversity abundance since the Precambrian era to present. The distinction of environmental elements relevant to archeology, astronomy, biodiversity, and cultural factors makes this land unique. In 28th July 2020, we have documented a new discovery of Petroglyphs that have been found in a part of the northwest slope direction of Danigala inselberg. Those bind runes are dominantly compared with other archeological sites in Sri Lanka and South Asia region. The type of symbols(bind runes) and petroglyphs found are quite new and for the first time discovered in Sri Lanka during archaeoastronomical and geological preliminary survey conducted by The Central Cultural Fund (CCF- Polonnaruwa-Alahana Parivena Project) with the corporation of South Asian Astrobiology & Earth Sciences Research unit of Eco Astronomy Sri Lanka. Hence, this is new discovery should be considered as our geological, astronomical, and archeological heritage site, which represents the collective memory of the anthropomorphic scenes, affected by Mother nature. Thus, those facts we propose that this exotic area get involved in a sustainable management, a viable and responsible tourism development base on Geo tourism, Astro tourism, Archeo tourism and Adventure tourism via a multidisciplinary approach that enhances the well being of the local communities.